Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 12, 2015

අපතේ ගිය ක්‍රිකට් දක්‍ෂතා "Shane Bond"

 https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xpf1/v/t1.0-0/1796453_1400698206892854_3194934778506269733_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=8cb9224489922388d0fffede085da426&oe=552C2756&__gda__=1428389948_ec53d908e011f06dbf11709d8b50a331

Wasted Talents - Shane Bond


2000 දශකයේ මුල් භාගයේ එනම් 2003 ලෝක කුසලාන සමයේදී අපට
පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයකින් පන්දු යවන අතිදක්ෂ
වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුම දැකබලා ගැනීමට හැකිවිය.
Brett Lee, Shoaib Akhtar ,Mohommad Sami සහ නවසීලන්තයෙන් බිහිවූ
Shane Bond ද ඒ අතර විය.

Shane Bondගේ අතිවිශිෂ්ට පන්දු යැවීමට හරස් වූ එකම බාධාව වුයේ ඔහුට
ඇතිවූ අබාධ තත්වයන් ය. වේග පන්දු යවන්නෙක්ට තිබිය යුතු සියලු හැකියාවන්
ඔහු සතුව විය. වේගය, දෝලනය, මනා පාලනය සහ ඔහුටම සුවිශේෂී වූ
banana swing හැකියාවද ඔහු සතුව තිබුණි.

අවාසනාවකට මෙන් දිගින් දිගටම ඇතිවූ අබාධ තත්වයන් නිසා ඔහුට බොහෝ
තරඟ අවස්ථා මගහැරී ගියේය. පිටකොන්දේ සහ දණහිස් වල ඇතිවූ අබාධ
වලින් ඔහුට පුර්ණ සුවයක් අත් නොවීය.
වර්ෂ 2008දි ඔහුට නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුව වසර 1.5කට අහිමි විය.
ඒ ඔහු Indian Cricket League (ICL) තරඟාවලිය ක්‍රීඩා කිරීමට තීරණය කල
නිසාය.

වසර 2001දි ක්‍රීඩා දිවිය ආරම්භ කර 2010දි ක්‍රීඩා දිවිය අවසන් කරන විට Bond
ක්‍රීඩා කර තිබුනේ එක්දින තරඟ 82ක් සහ ටෙස්ට් තරඟ 18කට පමණි.
එය ඉතා කණගාටුදායක කරුණකි. අබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කලද
අවස්ථාවක් ලද සැනින් Bond ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළේය.
මෙම දත්ත එයට සාක්ෂි දරයි.

ටෙස්ට් දිවිය
තරඟ - 18
කඩුලු - 87
සාමාන්‍ය - 22.09
කඩුලු 5 අවස්ථා - 5
කඩුලු 10 අවස්ථා - 1

එක්දින දිවිය
තරඟ - 82
කඩුලු - 147
සාමාන්‍ය - 20.88
Econ - 4.28
කඩුලු 5 අවස්ථා - 4

මෑත කාලයේ බිහිවූ strike bowlers අතරින් එක් පන්දු යවන්නෙක් ලෙස bond හැඳින්විය හැක.එක්දින තරඟ වලදී strike rate 29.2ක් සහ ටෙස්ට් තරඟ වලදී strike rate 38.2 ලෙස සටහන් වී තිබීම
තුලින්ම එය පැහැදිලි වේ.

එක්දින ජ්‍යාත්‍යන්තර තරඟ වලදී කඩුලු 100 සිමාව පසුකල දෙවන වේගවත්ම ක්‍රීඩකයා bond ය.(ඉනිම් 54කදි). තවත් කඩුලු 3ක් දවාගත්තේ නම් කඩුලු 150 සිමාව පසුකල දෙවනවේගවත්ම ක්‍රීඩකයා වීමට ඔහුට අවස්ථාව තිබුණි.

ඕස්ට්‍රේලියානු පිතිකරණයේ ස්වර්ණම යුගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කල පන්දු යවන්නන් අතලොස්සගෙන් එක් අයෙක් වූ bond ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දිනතරඟ 17 කදී කඩුලු 44ක් දවාගෙන ඇත. කඩුලු 5 දවාගැනීම් අවස්ථා 3ක් සහ එක් කඩුලු ත්‍රිත්වයක් දඑයට ඇතුලත් ය.

සෑමවිටම පැයට සැතපුම් 90 ඉක්මවා පන්දු යැවීමේ හැකියාව සතුවූ bondගේ වේගවත්ම පන්දුව සටහන් වන්නේ 2003 ලෝක කුසලාන තරඟාවලියේදී ය. ඒ පැයට කිලෝමීටර් 156.4ක් ලෙසිනි.

Hatrick vs Australia - https://www.youtube.com/watch?v=pCOQSRYf2WA

23/6 vs Australia in 2003 WC - https://www.youtube.com/watch?v=OZz2rImpk1c

Banana Swing - https://www.youtube.com/watch?v=nhaJYlgqk4Y

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment