Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label Sangakkara. Show all posts
Showing posts with label Sangakkara. Show all posts

Sunday, January 4, 2015

ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

 http://st2.cricketcountry.com/wp-content/uploads/2015/01/Kumar-Sangakkara-of-Sri-Lanka-celebrates-his-century2.jpg

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවරදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 5 ක් ලබාගැනීමත් සමගම ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

අද පෙරවරුවේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකින් ලකුණු 2 ක් ලබාගත් 37 හැවිරිදි සංගක්කාර, ටෙස්ට් ලකුණු 12,000 පසුකළ පිතිකරුවන් අතරේ ඉහළම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවා පමණක් නොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලද වමත් පිතිකරුවාද වෙයි.

ටෙස්ට් ලකුණු 12,000 ඉක්මවා ලබා සිටින සෙසු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටිං (13,378), ජැක් කලිස් (13,289) සහ රාහුල් ද්‍රාවිඞ් (12,288) යන සියලූ දෙනාම දකුණත් පිතිකරුවෝ වෙති.

ටෙස්ට් ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් තරග 200 කදී ලකුණු 15,921 ක් ලබාගනිමින් ඉනිමකදී ලකුණු 53.78 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. එහෙත් ටෙස්ට් තරග 130 කදී ලකුණු 12,028 ක් ලබාගෙන සිටින සංගක්කාරගේ සාමාන්‍යය ලකුණු 58.38 කි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලකුණු 11,988 ක් ලබා සිටි සංගක්කාරට පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. එබැවින් මෙම තරගයේදී තමන්ගේ ඉලක්කය පසුකර යාමේ දැඩි උවමනාවක් සංගක්කාරට තිබිණ.

”එයා අසාර්ථක වෙනවා කියන්නේ පුහුණුකරුවා නපුරු හීනයක් දකිනවා වගේ දෙයක් තමයි. එහෙම වුණාම (සංගක්කාර අසාර්ථක වීමේදී) පැය ගාණක් තිස්සේ ඔහුට පන්දුව වීසි කරන්න පුහුණුකරුවාට සිදුවෙනවා”

”ඔහු තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ඒ තරම් විශාල කැපවීමකින් කටයුතු කරනවා. මේ තරගයේදී එම ඉලක්කය කරා යාමට ඔහු දැඩි උවමනාවකින් සිටිනවා” යයි ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර දිනයේ පවසා තිබිණ.

වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ගාල්ල කී‍්‍රඩාංගණයේදී
සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ සංගක්කාර මේ දක්වා ටෙස්ට් තරග 130 කදී ශතක 37 ක් සහ අර්ධ ශතක 51 ක් ලබා සිටී. එය කොදෙව් පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු සේ සැලකෙන බ‍්‍රයන් ලාරාගේ ලකුණු 11,953 ත්, ටෙස්ට් ශතක 34 සහ අර්ධ ශතක 48 අභිබවා යාමකි.

http://newsfirst.lk/english/wp-content/uploads/2015/01/sangakkara.jpg

ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සංගක්කාර දෙවැනි වන්නේද ලොව අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා සිටින අතර සංගක්කාරගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 10 කි. බ‍්‍රැඞ්මන් දකුණත් පිතිකරුවකු වන අතර සංගක්කාර මෙන්ම වමත් පිතිකරුවකු වන බ‍්‍රයන් ලාරාගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 9 කි.

ටෙස්ට් ලකුණු ලබාගැනීම අනුව පළමුවෙන්ම ලකුණු 10,000 කඩයිම පසුකර ගිය පිතිකරුවා (1987 දී) වූයේ ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර්ය. පසුව ඇලන් බෝඩර් ලකුණු 11,000 කඩයිම පසුකර ගිය පළමු පිතිකරුවා වෙ.

තවත් එක දිත්ව ශතකයකින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාව සම වෙයි

 https://m.ak.fbcdn.net/photos-g.ak/hphotos-ak-xaf1/v/t1.0-0/10559663_1420484701575453_1103217754232138058_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=48a6ac09bbb43ee16256ded175b10d2a&oe=553AB5E7&__gda__=1429687888_ec56df08fa4cfcf011e01fdf8cdc0921

ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ශූරීන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාව බිඳ දැමීමට තමන්ට අවස්ථාව ලැබේ යයි වන හැගීම තමන්ගේ ටෙස්ට් තරග දිවිය වඩාත් දීර්ඝ කිරීමට හේතුවක් විය හැකි බව කුමාර් සංගක්කාර පවසයි.

නවසීලන්තයට එරෙහිව අද (4 වැනිදා) ලබාගත් ද්විත්ව ශතකයත් සමගින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාවට ආසන්න වූ කුමාර් සංගක්කාර, වෙලින්ටන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වීමෙන් පසුව පුවත් පත් සාකච්ඡුාවකට එක්වෙමින් මෙසේ පැවසීය.

තිස්හත් වැනි වියේ සිටින සංගක්කාර අද ලබාගත්තේ සිය 11 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි. වෙලින්ටන් ටෙස්ට් තරගයට පොරතුව ඔහු ඉගි කර සිටියේ මෙම තරගය තමන්ගේ ටෙස්ට් දිවියේ අවසන් තරගය විය හැකි බවත් ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් සියලූම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් සමුගැනීමට ඉඩ ඇති බවයි.

එහෙත් වෙලින්ටන් තරගයේ පළමු දිනය අවසානයේ තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළා දැමූ ඉනිමකින් පසුව සංගක්කාර කීවේ බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව බිඳ හෙළීමේ අවස්ථාව ලැබේ යයි වන හැගීම නිසා තමන්ගේ ටෙස්ට් දිවිය දීර්ඝ විය හැකි බවයි.

”මා ඒ සඳහා ඉතා ආශාවෙන් බලා ඉන්නවා”

”මේ හැම දේම රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ සිදුවන දේ අනුවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මොනවා වේවිද, ඒ වෙනකොට මගේ කි‍්‍රකට් අනාගතය සම්බන්ධනේ මගේ සිතිවිලි කොයි ආකාරයෙන් තියේවිද කියලා අනාවැකි කියන්න අමාරුයි”

”මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡ කරලා තියෙන්නේ. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙත් තවත් මාස කිහිපයක් ටෙස්ට් තරග වලට සහභාගි වෙනවාද නැද්ද කියලා ඔවුන් සමග නැවතත් සාකච්ඡුා කරන බවටත් මා ඔවුන්ට පොරොන්දු වුණා” යයි සංගක්කාර අද සවස වෙලින්ටන්හිදී පැවසීය.

2014 වසරේදී ලොව වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ සංගක්කාර එම වසර තුළදී ලකුණු 1493 ක් ලබාගත් අතර ඊයේ (3 වැනිදා) ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගියේය.

කුමාර් සංගක්කාර මෙතෙක් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක 11 න් පහක්ම විදේශයන්හිදී ලබාගත් ඒවා වෙයි. එයද ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, ශී‍්‍රමත් ලෙනාඞ් හට්න් සහ බ‍්‍රයන් ලාරා සමග සංගක්කාර සමසේ උසුළන වාර්තාවකි.

ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතරේත් සිවුවැනි කී‍්‍රඩකයා බවට පත්ව සිටින සංගක්කාරගේ ටෙස්ට් ශතක සංඛ්‍යාව 38 කි. ශතක ලබාගැනීම අනුව සචින් තෙන්ඩුල්කාර් (51), ජැක් කලිස් (45) සහ රිකී පොන්ටිං (41) තිදෙනා සංගක්කාරට ඉදිරියෙන් සිටිති.

ටෙස්ට් පිතිකරුවන් අතරේ හොඳම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවන් අතරේද සංගක්කාර (58.92) දෙවැනි වන්නේ ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ලකුණු 99.96 ට පමණි.

”ආශාව (රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සඳහා) හැමදාමත් තිබුණා”
”මෙතන තියෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට කැමැත්තක් නැතිකම නෙමේ. ඒත් මේ දෙවල් ගැන තීරණයක් ගන්න ඕන දවසක් එනවා. ඒ ගැන ඉවෙන් වගේ දැනෙනවා” යයිද සංගක්කාර පැවසීය.