Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 5, 2015

අර්ජුන කළු යුගලය ගෙන ආ විස්මිත ජයග්‍රහණය


https://m.ak.fbcdn.net/photos-f.ak/hphotos-ak-xap1/v/t1.0-0/1013636_1532854130303225_741354196896241448_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=3a49a2fecb2c626c16efdcc14cf343eb&oe=5525F60D&__gda__=1429778756_8daf0d21bb577289684b4daf745598c4මීට වසර 15කට පමණ පෙර ශ්‍රී ලංකා පිල පකිස්තානය බලා ගියේ ටෙස්ට් තරඟාවලියක් සඳහායි. රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී මුලින්ම පන්දුවට පහරදුන් පකිස්තාන පිල ලබාගත්තේ ලකුණු 182ක් පමණයි. ඉන්සමාම් ලකුණු 44ක් සහ යුසුෆ් යොහානා (දැන්, මොහොමඩ් යුසුෆ්) ලකුණු 32ක් රැස්කරගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. ප්‍රමෝද්‍ය සහ මුරලි අතරේ කඩුලු 4 බැගින් බෙදී යද්දී වාස් ඉතිරි කඩුලු 2 බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට ලකුණු 353ක් ලබාගත් අතර අරවින්ද ගේ විශිෂ්ට ශතකය එම ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් සැපයුවා. මහේල සහ අර්ජුන පිළිවලින් ලකුණු 42ක් සහ 49ක් ලබාගනිද්දී පසුපෙළ පිතිකරුවෙක් ලෙස වාස් අගනා අර්ධ ශතකයක් වාර්තා කලේ පන්දු 87 කිනි. ලකුණු 171ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල අහිබවා යන්නට පකිස්තාන පිල දෙවන ඉනිමේදී සමත්වන විට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි යුනිස් ඛාන් ඔහුගේ මුල්ම ශතකය වාර්තා කිරීමට සමත් වුනේ ද මෙම තරගයේදී යි.

දෙවන ඉනිමේදී ලකුණු 390ක් ලබාගන්නා පකිස්තාන පිල ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 220 ක පහසු ඉලක්කයක් ලබාදෙමින් තරගයට අවතීර්ණ වුනා. සිවුවන දිනය නිමාවත්ම ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 11ක් ලබාගෙන සිටි අතර පස්වන සහ අවසන් දිනයේදී ඔවුන් ඉදිරියේ තිබුනේ ජයග්‍රහණයට ලකුණු 209ක් පමණයි.
https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xap1/v/t1.0-0/10891565_1532854120303226_7041529000724514202_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=3c8b4525d23823dc8c83d2544f8ddc5a&oe=5520FA0F&__gda__=1428556854_49466299dea253868f59a76d34cca65d
පකිස්තානුවන්ගේ වේගපන්දු බලඇණියේ ප්‍රබලත්වය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා පිලේ 5 වන කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 141 දිය. ඒ වනවිට කඩුල්ලේ සිටි අර්ජුන සමග එක්වූ රොමේෂ් කලුවිතාරණ ඔහු සමඟ සාර්ථක 6වන කඩුල්ලේ සම්බන්ධතාවක් පිහිටුවීමට තීරණය කලත් වකාර් යුනුස් යැවූ මදක් ඉහලට නැඟී කෙටි පන්දුව ලෙග් දෙසට පහර දීමට උත්සහ කල අර්ජුන නොසිතු අන්දමින් ආබාධයකට ලක්වෙන්නේ ඔහුගේ වමතේ ඇඟිල්ලක් හානියට පත්වෙමින්. ඒ වනවිට ශ්‍රී ලංකා පිල ලකුණු 146/5 ක් ලබා සිටි අතර ඔහුගේ ඉවත්ව යාම දැඩිව බලපාන්නට පටන්ගත්තේ ඉන් ඕවර දෙකකට පසු (ඕවර 59 දී) චමින්ද වාස් දුවද්දී දැවී යාමෙන් සහ 69 වන ඕවරයේදී නුවන් සොයිසා ගේ කඩුල්ල දැවී යාමෙන් පසුවයි. සොයිසා ගේ කඩුල්ල දවාගත් අබ්දුල් රසාක් ඊළඟ පන්දුවේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ කඩුල්ල ද දවගන්නා අතර එම දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 177/8ක් ලෙසින්.

තවත් ලකුණු 43ක් අවශ්‍යව තිබු මොහොතක ඊළඟට පැමිණීමට නියමිතව සිටියේ මුත්තයියා මුරලිදරන් වුවත් පකිස්තානුවන් ගේ එම බලාපොරොත්තුව කඩකරමින් ආබාධයට ලක්වූ අර්ජුන නැවතත් ඔහුගේ ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පැමිණියේ ය. එතැන් සිට ඉවසිලිමත් ඉනිමක් ප්‍රදර්ශනය කල කළු ට අගනා සහයක් ලබාදුන් අර්ජුන එක් අතක් පමණක් භාවිතාකර පන්දුවට පහරදීම ඉතාමත් විස්මය දනවන දසුනක් වුනා.

Pakistan looked as if they could pull off a sensational win. But Ranatunga, batting with a broken thumb, joined Kaluwitharana in a fighting stand of 43 that saw their team to victory with 9.1 overs remaining. - විස්ඩන්

කළු 83 වන ඕවරයේ පස්වන පන්දුවේදී 4 පහරක් එල්ලකරමින් ජයග්‍රාහි ලකුණ රැස්කරන අතර එක්දින තරගයකට නොදෙවෙනි උණුසුම් ටෙස්ට් තරගයක් නිමාවුනේ ශ්‍රී ලංකා පිලට කඩුලු 2ක් ජයක් ලබාදෙමින්. අර්ජුන ගේ සටන්කාමි ඉනිම පිළිබඳව එවකට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස කටයුතු කල සනත් ජයසුරිය පැවසුවේ මෙවැන්නක්,
https://m.ak.fbcdn.net/photos-b.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10487537_1532854090303229_4561805307372337134_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=f05dc596329eefa98ddfdcfe18a33c2e&oe=552626C9&__gda__=1430005411_21e9202a172ea7dcb6c503b86d4a82a5
"As long as Ranatunga was there, we were convinced we could win,He played a gem of an innings, like an injured tiger."

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment