Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, January 22, 2015

ඔස්ට්‍රේලියාව හෙල්ලූ ශ්‍රී ලාංකිකයෝ

 https://m.ak.fbcdn.net/photos-g.ak/hphotos-ak-xpf1/v/t1.0-0/10392342_1520433284908465_7351559569575460305_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=b6b335c718f36e8f683397178cdd195a&oe=556A2B35&__gda__=1432612362_497bd3c5f068e748fd7ae432214db9e6

ඇෂ්ටන් ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බර විය හැකි ප්‍රධානතම කරුණක් තියෙනවා. දෙමාපියෝ දෙදනාම ශ්‍රී ලාංකිකයන් වෙලා, තමනුත් ශ්‍රී ලාංකිකයෙක් වෙලා ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස තුනකින් වගේ තමන්ගේ මව්බස වගේම මව්බිමත් අමතක කරන මිනිස්සු ඉන්න ලෝකෙක ඕස්ට්‍රේලියාවේ ඉපදිලා මව පමණක් ශ්‍රී ලාංකිකයෙකු වී සිටියදී තමන් ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි යැයි ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරපු කොල්ලෙක් තමයි ආගර් කියන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩා දෙගුණයක් පමණ ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේ සිටියත් තවමත් කිසිම ඉන්දීය පිරිමි ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා නෑ. එහෙත් ශ්‍රී ලංකික සම්භවයක් තිබෙන අගාර් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා.


https://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-xap1/v/t1.0-0/10417486_1520433351575125_2892589660937912190_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=733b2d0b0003f2f210d0f6f161902404&oe=553096DB&__gda__=1432706018_2829229a3e6a666f50fa09dc24c947e9


ඔස්ට්‍රේලියාව තුල ප්‍රසිද්ද වුනු එකම ශ්‍රී ලංකික සම්භවයක් තියෙන පුද්ගලයා අගාර් නොවේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එදා මෙදා තුර බිහි වූ හොදම "Finisher" කව්ද කියලා ඇහුවොත් ක්‍රිකට් ගැන දැනුමක් තියෙන බොහෝ දෙනා මයිකල් බෙවන්ගේ හෝ මයිකල් හසී ගේ නම පවසාවි. 2003 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දෙන්න මහත් මෙහෙයක් ඉටු කරපු පරදින්න ගිය මැච් ගොඩක් ගොඩ දාපු මයිකල් බෙවන් නම් ඒ සුපිරි වමත් පිතිකරුට ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙනවා කියලා දන්නේ කීයෙන් කී දෙනාද?
ඔහුට ශ්‍රී ලාංකික බර්ගර් සම්භවයක් තිබෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම මතකද 96 ලෝක කුසලානය දිනන වෙලාවේ නිහඩ සේවයක් කරපු අපේ පුහුණුකරුවා? කවදාවත් ලාංකිකයන්ට අමතක කරන්න බැරි අපේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කරපු ඩේව් වට්මෝර් උපත ලැබුවේත් ශ්‍රී ලංකාවේදී. ඒ වගේම ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේත් ශ්‍රී ලංකාවේදී.


ක්‍රීඩකයන්ට අමතරව තවත් බොහෝ ශ්‍රී ලාංකික සම්භවයන් තිබෙන ඔස්ට්‍රේලියාව තුල පමණක් නොව මුළු ලෝකෙම ප්‍රසිද්ද වුනු පුද්ගලයෝ බොහොමයක් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම ගායකයා කව්ද යන ප්‍රශ්නය ඔබ ඔස්ට්‍රේලියානුවhttps://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-xfa1/v/t1.0-0/1512832_1520433381575122_5856405902210707653_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=bdd58e11f1e1b984eed4d2302fb3697c&oe=552947E0&__gda__=1432007638_07e88b5d518884dbbdee800614e49999

ෙක්ගෙන් ඇහුවොත් ගයි සෙබස්තියන් කියන නම ඔබට අනිවාර්යෙන්ම අසන්න ලැබේවි. ඕස්ට්‍රේලියානු Chart ඉතිහාසය පුරාවට හය වතාවක් අංක එකේ රැදී සිටි එකම ඕස්ට්‍රේලියානු පිරිමි ගායකයා වන මොහුට ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙනවා.
"Australia Got Talent" තරගාවලිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පමණක් නොව මුළු ලෝකෙම ප්‍රසිද්දියට පත් වුනු රියැලිටි වැඩසටහනක්. 2007 ආරම්භ වූ මේ තරගාවලියේ 2011 වෙනකන්ම ජයග්‍රහණය කලේ ඕස්ට්‍රේලියානුවන් පමණයි. එහෙත් 2012දී තරගයට සහබාගි වූ සියලුම ඕස්ට්‍රේලියානුවන්ට, ඉන්දියානුවන්ට සහ අනෙක් සියල්ලන්ට අභියෝග කරමින් මෙම තරගාවලිය ජයගත්තේ ශ්‍රී ලංකාවේ අපේ කොල්ලෙක්. ශ්‍රී ලාංකීය දෙමාපියන් දෙදෙනෙක්ට දාව ඔස්ට්‍රේලියාවේදී ඉපදුන Andrew De Silva ඕස්ට්‍රේලියානු රියැලිටි ඉතිහාසය උඩුයටි කුරු කලේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරග ජය ගත හැක්කේ ඔස්ට්‍රේලියානුවන්ටම පමණක් නොව යැයි ලොවටම පෙන්වමිනි.
https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xap1/v/t1.0-0/10885070_1520433491575111_245630074299301124_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=ba5ce116605c1e47982469c8f9a14e82&oe=552ADF6A&__gda__=1432279222_38324b0494a6079006262fd7db3f2803
මා මෙහි සදහන් කලේ ඕස්ට්‍රේලියාවේ නම ඇහුවත් සැමගේම ගෞරවයට ප්‍රාර්ථ වෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් ගැන පමණි. මිට අමතරව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම සූපවේදියෙක් වන පීටර් කුරුවිටද ශ්‍රී ලංකික සම්භවයක් තිබෙන පුද්ගලයකි. මොවුන්ට අමතරව ඔස්ට්‍රේලියාව තුල බොහෝ උසස් ගෞරවයට ප්‍රාර්ථ වූ රැකියා බොහොමයක් කරමින් ශ්‍රී ලාංකිකයන් ජිවත් වෙති. එහෙත් මොන රැකියාව කලත් සිඩ්නි සහ මෙල්බර්න් ක්‍රීඩාංගන වල අපේ කොල්ලෝ සෙල්ලම් කරන වෙලාවට ඕනෙම රස්සාවක් නවතලා දමලා ඕස්ට්‍රේලියානු ක්‍රීඩා පිටි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටි බවට පත්කිරීමට හැකියාව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ශ්‍රී ලාන්කිකයන්ටය wink emoticon
එමෙන්ම මාර්තු 8 වෙනිදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ට වඩා ශ්‍රී ලාංකිකයන් සිඩ්නි ක්‍රීඩාන්ගනයේදී දකින්නට ලැබේවි හැමෝටම wink emoticon

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

2 comments:

  1. /* දෙමාපියෝ දෙදනාම ශ්‍රී ලාංකිකයන් වෙලා, තමනුත් ශ්‍රී ලාංකිකයෙක් වෙලා ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස තුනකින් වගේ තමන්ගේ මව්බස වගේම මව්බිමත් අමතක කරන මිනිස්සු ඉන්න ලෝකෙක */

    මං දැන් මෙහේ අවුරුදු දහ නමයක් ඉඳලා තියෙනවා ඔය කියන ආකාරයේ කෙනෙක් නම් හමු වී නෑ.

    පුදුමයි, ඔබ ඕස්ටේ‍ර්ලියාවේ ඉන්නේ කොහේද?

    ReplyDelete
  2. /* දෙමාපියෝ දෙදනාම ශ්‍රී ලාංකිකයන් වෙලා, තමනුත් ශ්‍රී ලාංකිකයෙක් වෙලා ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස තුනකින් වගේ තමන්ගේ මව්බස වගේම මව්බිමත් අමතක කරන මිනිස්සු ඉන්න ලෝකෙක */

    මං දැන් මෙහේ අවුරුදු දහ නමයක් ඉඳලා තියෙනවා ඔය කියන ආකාරයේ කෙනෙක් නම් හමු වී නෑ.

    පුදුමයි, ඔබ ඕස්ටේ‍ර්ලියාවේ ඉන්නේ කොහේද?

    ReplyDelete