Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 12, 2015

දිමුත්ගේ වැදගත්කම.......

 https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-xfp1/v/t1.0-0/s320x320/10929923_597764583658259_7256001307075292708_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=8fa50e6d4742458deedb4bdc9b57ccf9&oe=55697694&__gda__=1429818276_91eafac59bc99bf701ac4f09d03d0ba8

දිමුත්ගේ වැදගත්කම.......

ලෝක කුසලානය සඳහා ඇතුලත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කල විගස සැමට මතු වූ ප්‍රශ්නාර්ථයක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්නයි. අවසන් වශයෙන් එය ප්‍රකාශයට පත් වුයේ ආරම්භක පිතිකරු ලෙස තිලකරත්න දිල්ෂාන් සමගින් දිමුත් කරුණාරත්න ඒ සදහා නම් කර ඇති බවයි. ඉතා අඩු එක් දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති දිමුත්ගේ තරග වාර්තා ද ඒ තරම සතුටුදායක නොවන අතර ඒවා දැන් විශ්ලේෂණය කරනවාට වඩා ක්‍රීඩා ලෝලීන් ලෙස අප බලාපොරොත්තු විය යුත්තේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහුගේ සාර්ථකත්වයයි. එසේ ඔහු දිගින් දිගටම අසාර්ථක වුවහොත් දිල්ෂාන් සමගින් පිතිකරණය ආරම්භ කිරීමට විකල්ප ආරම්භක ක්‍රීඩකයකු නොමැති නිසා ඒ තැන ගැනීමට සිදුවනුයේ මහේල ජයවරදනටයි. එවන් තත්වයක් තුල කණ්ඩායමේ සමබරතාවය පිළිබද ගැටළුවක් මතු වීමත්, අංක 4 පිතිකරු ලෙස මහේල ඉතා සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරන ක්‍රීඩකයකුත් වේ. එසේම මහේල ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කොදු නාරටිය ලෙස හැදින්වීමද අසාධාන නැත. එම නිසා ලෝක කුසලානය අත ලග තබාගෙන අවදානම් ගැනීමට වඩා පවතින සැළසුම් අනුව ඉදිරි කටයුතු කිරීම වඩා උචිත වේ. එම නිසා නවසීලන්ත එක් දින තරගාවලිය තුලදී දිමුත් එක දින ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වීම ඉතා වැදගත් වේ. නැතහොත් වෙනත් විකල්පයක් අපට නොමැති නිසාත්, මෙවන් අවදානම් අවස්ථාවක විකල්ප සෙවීමට යාම මගින් කණ්ඩායම තව තවත් අවදානමකට පත් වීම වැලැක්විය නොහැකිය. එම නිසා ක්‍රීඩා ලෝලීන් ලෙස දිමුත් කරුණාරත්නට ඉතා ඉක්මනින් ලකුණු අතරට පැමිණීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment