Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, January 13, 2015

දිනෙන් දින උණුසුම් වන Big Bash League 2015

 https://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-xaf1/v/t1.0-0/10923525_1533727313579062_7183002931604605512_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=528716f890020e76a4c6e9b281e54df8&oe=5532BD5F&__gda__=1430024424_deabd9dc97845a898a3bf6fdf7ad8b5a
අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ උණුසුම් ක්‍රිකට් තරග යන අතරම බිග් බෑෂ් තරගාවලියද උණුසුම් වී තිබෙනවා මේ වනවිට. තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සුපිරි තරු නැති වුවත් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසකින් සමන්විත Perth Scorchers කණ්ඩායමයි. :)

පර්ත් කණ්ඩායම මයිකල් කාබෙරි සහ යසීර් අර්ෆට් යන අන්තර්ජාතික ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි. දෙවන ස්ථානයේ සිටින්නේ ජොහාන් බෝතා, බ්‍රැඩ් හොජ් වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත Adelaide Strikers කණ්ඩායමයි. මිය ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Phil Hughes ව ඔවුන් සංචිතයට ඇතුලත් කර තිබෙනවා. සිඩ්නි කණ්ඩායම් වලට තෙවන සහ හයවන ස්ථාන හිමි තිබෙන අතර මෙල්බර්න් කණ්ඩායම් වලට සිව්වන සහ හත්වන ස්ථාන හිමි වී තිබෙනවා. මේ අතරින් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම විශේෂ වන්නේ ඔවුන්ට කෙවින් පීටර්සන්, ග්ලෙන් මැක්ස්වෙල්, ලූක් රයිට්, ජේම්ස් ෆෝක්නර්, ඩේවිඩ් හසී වැනි T20 සුපිරි තරු රැසක් ක්‍රීඩා කිරීම හේතුවෙනි. බේයිලි ක්‍රීඩා කරන හෝබාට් කණ්ඩායම 5 වෙනි ස්ථානයේද Andrew Flintoff ක්‍රීඩා කරන බ්‍රිස්බන් කණ්ඩායම අවසන් ස්ථානයේද පසුවෙනවා. තරාගාවලියේ අවසන් තරගය ජනවාරි 28වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment