Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 5, 2015

WG ග්‍රේස් - එංගලන්තයෙන් බිහිවූ හොදම තුන් ඉරියවු ක්‍රීඩකයා


https://m.ak.fbcdn.net/photos-b.ak/hphotos-ak-xap1/v/t1.0-0/10888486_1533720670216571_414921648223364379_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a055041edd41da7924f16e424e8d132e&oe=5534ED36&__gda__=1430089962_e6b92b5c4e57a2a9460f8f1d3c7fe9d8WG ග්‍රේස් කියන්නේ එංගලන්තයෙන් බිහිවූ සමහරවිට මුළු ක්‍රිකට් ඉතිහාසයේම බිහිවූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා කිව්වොත් වැරද්දක් නෑ. ක්‍රිකට් වලට අමතරව ග්‍රේස් ප්‍රසිද්ධ වී සිටියේ වෛද්‍යවරයෙක් වශයෙන්. ග්‍රේස් කොතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් ඔහුගේ මුරණ්ඩුකම ඔහුගෙන් ඉවත්ව ගියේ නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා හිටියත් ක්‍රීඩකයෙක් හෝ විනිසුරුවරයෙක් එක්ක පොඩි වලියක් දාගන්න එක එයාගේ පුරුද්දක් වුනා.

වරක් ග්‍රේස් පිතිකරණයේ යෙදෙද්දී කඩුල්ල මුවාකිරීමේ වරදට අහුවුනා, විනිසුරුවරයා ග්‍රේස් OUT කියලා කිව්වත් ග්‍රේස් ඒක පිළිගන්නට කැමැත්තක් දැක්වුවේ නෑ. ඔහු පන්දුයවන්නා ලඟට ගිහිල්ල කිව්වේ මෙහෙම,
'මේ තරගය බලන මිනිස්සු ඇවිල්ලා ඉන්නේ මගේ පිතිකරණය බලන්න මිසක් තමුසේ පන්දු යවන විදිහ නෙමෙයි'.

ඕක එක සිද්දියක් විතරයි, තව පාරක් ග්‍රේස් ව කඩුල්ල මුවා කිරීමේ වරදක් සහ පිටුපස ඉන්න කඩුලු රකින්නා විසින් රැකගත් උඩපන්දුවක් නොදවීයාම් විදිහට විනිසුරු දැනුම්දෙද්දී පන්දුයවන්නා වශයෙන් කටයුතු කල චාල්ස් කොර්ට්රයිට් ට හිතුනලු විනිසුරුවරයා ග්‍රේස් ට පක්ෂපාති බවක් දක්වනවා කියලා. https://m.ak.fbcdn.net/photos-d.ak/hphotos-ak-xap1/v/t1.0-0/9494_1533720733549898_7151613808835471022_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a6866aad1fcc6183565115c33c45c3e8&oe=55237B20&__gda__=1429383245_0cebbea6e2f13122e9be1b5fd6320401ඒකාලේ හිටපු වේගවත්ම පන්දුයවන්නා විදිහට නම්දරා හිටපු කොර්ට්රයිට් යවපු ඊළඟ පන්දුව කඩුල්ලේ වදින්නේ ස්ටම්ප් දෙකක්ම විසිවෙලා යන විදිහට. විනිසුරු විශේෂයෙන් දැවීයාමක් කියලා කියන්න අවශ්‍ය නැති නිසා ග්‍රේස් ක්‍රීඩාගාරය පැත්තට ගියේ පරාජය බාරගෙන. පන්දුයවන්නත් ග්‍රේස් ගේ මුරණ්ඩුකම බහින්නත් එක්ක කිව්වලු, 'දොස්තර මහත්තයෝ ඔබතුමා යන්න එපා, තව එක ස්ටම්ප් එකක් ඉතුරුවෙලා තියනවා'.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment