Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, January 4, 2015

ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

 http://st2.cricketcountry.com/wp-content/uploads/2015/01/Kumar-Sangakkara-of-Sri-Lanka-celebrates-his-century2.jpg

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවරදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 5 ක් ලබාගැනීමත් සමගම ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

අද පෙරවරුවේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකින් ලකුණු 2 ක් ලබාගත් 37 හැවිරිදි සංගක්කාර, ටෙස්ට් ලකුණු 12,000 පසුකළ පිතිකරුවන් අතරේ ඉහළම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවා පමණක් නොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලද වමත් පිතිකරුවාද වෙයි.

ටෙස්ට් ලකුණු 12,000 ඉක්මවා ලබා සිටින සෙසු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටිං (13,378), ජැක් කලිස් (13,289) සහ රාහුල් ද්‍රාවිඞ් (12,288) යන සියලූ දෙනාම දකුණත් පිතිකරුවෝ වෙති.

ටෙස්ට් ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් තරග 200 කදී ලකුණු 15,921 ක් ලබාගනිමින් ඉනිමකදී ලකුණු 53.78 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. එහෙත් ටෙස්ට් තරග 130 කදී ලකුණු 12,028 ක් ලබාගෙන සිටින සංගක්කාරගේ සාමාන්‍යය ලකුණු 58.38 කි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලකුණු 11,988 ක් ලබා සිටි සංගක්කාරට පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. එබැවින් මෙම තරගයේදී තමන්ගේ ඉලක්කය පසුකර යාමේ දැඩි උවමනාවක් සංගක්කාරට තිබිණ.

”එයා අසාර්ථක වෙනවා කියන්නේ පුහුණුකරුවා නපුරු හීනයක් දකිනවා වගේ දෙයක් තමයි. එහෙම වුණාම (සංගක්කාර අසාර්ථක වීමේදී) පැය ගාණක් තිස්සේ ඔහුට පන්දුව වීසි කරන්න පුහුණුකරුවාට සිදුවෙනවා”

”ඔහු තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ඒ තරම් විශාල කැපවීමකින් කටයුතු කරනවා. මේ තරගයේදී එම ඉලක්කය කරා යාමට ඔහු දැඩි උවමනාවකින් සිටිනවා” යයි ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර දිනයේ පවසා තිබිණ.

වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ගාල්ල කී‍්‍රඩාංගණයේදී

සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ සංගක්කාර මේ දක්වා ටෙස්ට් තරග 130 කදී ශතක 37 ක් සහ අර්ධ ශතක 51 ක් ලබා සිටී. එය කොදෙව් පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු සේ සැලකෙන බ‍්‍රයන් ලාරාගේ ලකුණු 11,953 ත්, ටෙස්ට් ශතක 34 සහ අර්ධ ශතක 48 අභිබවා යාමකි.

http://newsfirst.lk/english/wp-content/uploads/2015/01/sangakkara.jpg

ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සංගක්කාර දෙවැනි වන්නේද ලොව අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා සිටින අතර සංගක්කාරගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 10 කි. බ‍්‍රැඞ්මන් දකුණත් පිතිකරුවකු වන අතර සංගක්කාර මෙන්ම වමත් පිතිකරුවකු වන බ‍්‍රයන් ලාරාගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 9 කි.

ටෙස්ට් ලකුණු ලබාගැනීම අනුව පළමුවෙන්ම ලකුණු 10,000 කඩයිම පසුකර ගිය පිතිකරුවා (1987 දී) වූයේ ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර්ය. පසුව ඇලන් බෝඩර් ලකුණු 11,000 කඩයිම පසුකර ගිය පළමු පිතිකරුවා වෙ.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment