Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, January 4, 2015

Stay Hungry. Stay Foolish ( ස්ටීව් ජොබ්ස් )

 https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10891510_1529385300679930_5035556718662840413_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=b4889b47f8d54e37c7553aa54bd5f596&oe=5522BA9F&__gda__=1430240501_34d36ae9feb42ed2d5efeb6bd7ec858b

ස්ටීව් ජොබ් ලෝකෙම අවධානය දිනාගත් ස්ටෑන්ඩ්ෆර්ඩ් දේශනය අවසන් කලේ ඉහත වචන වලින්. දැන් අපේ සමහර ක්‍රිකට් පිස්සෝ හිතයි ස්ටීව් ජොබ්ස් මේ කියලා තියෙන්නේ මෝඩයෙක් වගේ බඩගින්නේ ඉන්න කියලා. ඒත් ස්ටීව් ජොබ්ස් මේ වචන වලින් අදහස් කලේ නිතරම අනුවණයෙක් වගේ නිතරම දැනුම සොයා යන්න මහන්සි වෙන්න කියලා. ඒ කියන්නේ තමන් හැමදේම දන්නවා කියලා ඉන්නේ නැතුව තව තව දැනුම සොයා ගොස් තමන්ගේ හැකියාව දැනුම දක්ෂතාව වැඩි කරගන්න කියන එක තමයි කෙටියෙන් ඔහු කිව්වේ.

ජොබ්ස්ගේ මේ වචන ටික ඇහෙද්දී මගේ හිතට මුලින්ම මතක් වෙන්නේ අපේ සංගාව. ලෝකේ හොදම පිතිකරු, ලොව හොදම වමත් පිතිකරු, ශ්‍රී ලංකාව බිහි කර හොදම පිතිකරු වගේ ගෞරව නම්බු නාම කොතරම් සංගාට තියෙනවද... 2014 වසරේ තමන්ට මුණ ගැසුණු හැම පන්දු යවන්නෙක්ම දණ ගස්වපු සංගා අවුරුද්දේ අවසන් තරගයට ක්‍රීඩා කරන්න සැරසුනේ තවත් දැවැන්ත ඉනිමක් සංගාගේ පිත්තෙන් වාර්තා වේවි යැයි අපේ හදවත් වල බලාපොරොත්තු එකතු කරමින්. එහෙත් කිසිවෙක් නොසිතු ලෙස ඉනිම් දෙකේදීම සංගා අසාර්ථක වන්නේ සංගාට වෛර කරන ඉරිසියා කරන හැම කෙනෙක්ම නිතරම කියන "සංගක්කාරට ග්‍රීන් පිච් වල ගහන්න බෑ" කියන කතාව ඇත්තක්ද කියලා සමහර ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් වල ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින්. දෙවෙනි ඉනිමේ අසාර්ථක වී ක්‍රීඩාගාරය වෙත පැමිණි ඔහුට තෝරාගැනීම් දෙකක් තිබිණි. අනේ මට මේ පිච් වල ගහන්න බෑ කියලා දුකින් කල් ගත කිරීම හෝ තමන් කරපු වැරදි අඩුපාඩු සාදාගෙන තව තව පුහුණුවීම් වල නිරත වීම එම තේරීම් දෙකයි. සංගා දෙවෙනි තේරීම තෝරාගන්නේ ශ්‍රී ලාංකීය ලේ වල පසුපසට යාම ගෑවිලාවත් නෑ කියා ලොවටම ඔප්පු කරමින්. අනෙක් දැවී ගිය පිතිකරුවන් බලන් ඉදිද්දී සංගා තරගය අතර තුර පුහුණුවීම් කිරීමට යොදාගත්තේ දෙවෙනි ටෙස්ට් තරගයේ වෙනසක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන්
.

දෙවෙනි ටෙස්ට් තරගයේ කරුණාරත්නගේ දැවී යාමෙන් පිටියට සංගා පැමිණෙන විට ඔහුට චෝදනා කරපු සැවොම බලා සිටියේ ඉක්මනින් සංගා ක්‍රීඩාගාරය වෙත යද්දී නැවතත් සතුටු වෙන්න. ඔහුට චෝදනා කරපු සැමට තමන්ගේ පිත්තෙන් පිළිතුරු දුන් සංගා ලෝකේ හොදම වේග පන්දුයවන්නෝ දෙන්නෙක් වන බෝල්ට් හා සවුතිට එරෙහිව එදා මෙදා තුර ක්‍රිකට් පිටියේ වාර්තා වූ විසිෂ්ටතම දිත්ව ශතකයක් වාර්තා කලේ ලක් මාතාවට මෙවැනි පුතෙකි ලැබීම කොතරම් වාසනාවක්ද යැයි සැමට ඔප්පු කරමින්. අද ඔහුට චෝදනා කර අයම ඔහුගේ ඉනිම අගය කරනවා... විදෙස් පුරවැසියන් ඔහුගේ ඉනිම ඔවුන් ජිවිතේ දැකපු හොදම ඉනිමක් කියා සතුටින් කියද්දී අපේ හදවත් ආඩම්බරෙන් පිරී යන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් සමගිනි. තමන් තරම් හොද පිතිකරුවෙක් නෑ කියා නොසිතමින්ද තමන්ට මෙය කරන්නට බෑ යැයි පසුතැවිලි නොවෙමින්ද තමන්ගේ අසාර්ථක වූ ඉනිම් දෙකෙන් සාර්ථක වීමට මග විවර කර ඔහු සැබවින්ම වීරයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කොතරම් වීරයන් අනාගතයේදී පැමිණියත් කුමාර් සංගක්කාර කියන නම ඇසුණු පමණින් අපේ හදවත් වලට දැනෙන ආඩම්බරය සැමදා අපේ හදවත්වලම තැන්පත් වී තියේවි...

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment