Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, January 4, 2015

අතීතයෙන් බිදක්

https://scontent-b-fra.xx.fbcdn.net/hphotos-xpf1/t31.0-8/10544769_832597106803467_1763567927685426693_o.jpg?efg=eyJpIjoiYiJ9

දිනය-29 March 2011
ස්ථානය- ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය.
මෙම දිනය අපේ පිස්සොන්ටනම් හොදට මතක ඇති..
ඔව් ඔව් අපේ කොල්ලෝ 2011 ලෝක කුසලානේ සෙමි ෆයිනල් එක නවසීලන්තෙට එරෙහිව සෙල්ලම් කරපු දවස...


ලකුනු 218 ක ඉලක්කයක් හඹා යමින් සිටිය අපේ කොල්ලො ඒ වෙනකොට එක කඩුල්ලක් පමනක් දැවි ලකුනු 160 ලබාගෙන තිබුනා.එක පාරට කඩුලු 3ක් දැවි යනවා.ලකුනු 169 වෙද්දි කඩුලු 4යි.තිලාන් සමරවීර හා චාමර සිල්වා පිටිය මැද්දේ.
නමුත් චාමර සිල්වාත් ලකුනු 185 දි දැවි යනවා.
ඉන් පසු පිටියට පිවිසෙන්නේ ඒ කාලය වෙද්දි නවක ක්‍රිඩකයෙකු වෙච්ච අපේ දැන් නායක ඇන්ජලො මැතිව්ස්..අන්ක 7 ස්ථානයෙන්..
.
.
ඒ වනවිට ක්‍රියාත්මක වූයෙ 43 වෙනි පන්දු වාරයයි.
ඉන් පසු 47 වෙනි පන්දු වාරය යැවීමට පැමිනියේ ටිම් සවුතීයී.
ඒ වනවිට තවත් ලකුනු 14 අවශ්ය විය.
ඇන්ජලෝ මැතිව්ස් තනණිල්ල මැදට පැමින තිලාන්ට කතා කරයි.
ඇන්ජි- අයියා.මන් මම ගැන බලාගන්නම්.මම මිඩ් ඕන් එකට උඩින් පාරක් ගහන්නම්.
ඇන්ජි මිඩ් ඕන් වලින් පහර එල්ල කිරිමට දක්ශ බව දන්නා තිලාන් පැවසූවේ 'ඔයාට පුලුවන්නම් ඒක කරන්න" කියායි..
ඇන්ජි පහරක් එල්ල කල අතර එය 6 පහරක් විය.
නැවතත් තිලාන්ට කතා කරන ඇන්ජි පැවසූවේ මම මොහුගේ පන්දු වාරයේ ඔහුට එලවා පහර දෙන්නම් " කියායි.
එහෙත් තිලාන් පැවසූවේ ;එපා.ඒක කරන්න එපා.අපිට තව ඕන ලකුනු 8යි.ඒක ලේසි‍යි.ඒත් අපෙන් පස්සේ ඉන්නේ මෙන්ඩිස්,මාලින්
ග,හේරත්,මුරලි..ඒ කට්ටිය පන්දු 6 ඇතුලත වුවත් දැවී යන්න පුලුවන්.. ඒ නිසා අවධානමක් ගන්න එපා " කියායි..
එහෙත් ඇන්ජි එවිට "මට 100% විශ්වාසයි.මට ඒක කරන්න පුලුවන්" පැවසීය.
ඉන් පසු ඔහු සවුතීගේ ඔලුවට උඩින් 4 පහරක් එල්ල කල අතර පසු කලක තිලාන් පැවසූවේ "මේ කොල්ලා බොහෝ දුරක් යාවි" යැයි ඔහුට එදා සිතුන බවයි. 
 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment