Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 5, 2015

අර්ජුන කළු යුගලය ගෙන ආ විස්මිත ජයග්‍රහණය


https://m.ak.fbcdn.net/photos-f.ak/hphotos-ak-xap1/v/t1.0-0/1013636_1532854130303225_741354196896241448_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=3a49a2fecb2c626c16efdcc14cf343eb&oe=5525F60D&__gda__=1429778756_8daf0d21bb577289684b4daf745598c4මීට වසර 15කට පමණ පෙර ශ්‍රී ලංකා පිල පකිස්තානය බලා ගියේ ටෙස්ට් තරඟාවලියක් සඳහායි. රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී මුලින්ම පන්දුවට පහරදුන් පකිස්තාන පිල ලබාගත්තේ ලකුණු 182ක් පමණයි. ඉන්සමාම් ලකුණු 44ක් සහ යුසුෆ් යොහානා (දැන්, මොහොමඩ් යුසුෆ්) ලකුණු 32ක් රැස්කරගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. ප්‍රමෝද්‍ය සහ මුරලි අතරේ කඩුලු 4 බැගින් බෙදී යද්දී වාස් ඉතිරි කඩුලු 2 බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට ලකුණු 353ක් ලබාගත් අතර අරවින්ද ගේ විශිෂ්ට ශතකය එම ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් සැපයුවා. මහේල සහ අර්ජුන පිළිවලින් ලකුණු 42ක් සහ 49ක් ලබාගනිද්දී පසුපෙළ පිතිකරුවෙක් ලෙස වාස් අගනා අර්ධ ශතකයක් වාර්තා කලේ පන්දු 87 කිනි. ලකුණු 171ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල අහිබවා යන්නට පකිස්තාන පිල දෙවන ඉනිමේදී සමත්වන විට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි යුනිස් ඛාන් ඔහුගේ මුල්ම ශතකය වාර්තා කිරීමට සමත් වුනේ ද මෙම තරගයේදී යි.

දෙවන ඉනිමේදී ලකුණු 390ක් ලබාගන්නා පකිස්තාන පිල ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 220 ක පහසු ඉලක්කයක් ලබාදෙමින් තරගයට අවතීර්ණ වුනා. සිවුවන දිනය නිමාවත්ම ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 11ක් ලබාගෙන සිටි අතර පස්වන සහ අවසන් දිනයේදී ඔවුන් ඉදිරියේ තිබුනේ ජයග්‍රහණයට ලකුණු 209ක් පමණයි.
https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xap1/v/t1.0-0/10891565_1532854120303226_7041529000724514202_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=3c8b4525d23823dc8c83d2544f8ddc5a&oe=5520FA0F&__gda__=1428556854_49466299dea253868f59a76d34cca65d
පකිස්තානුවන්ගේ වේගපන්දු බලඇණියේ ප්‍රබලත්වය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා පිලේ 5 වන කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 141 දිය. ඒ වනවිට කඩුල්ලේ සිටි අර්ජුන සමග එක්වූ රොමේෂ් කලුවිතාරණ ඔහු සමඟ සාර්ථක 6වන කඩුල්ලේ සම්බන්ධතාවක් පිහිටුවීමට තීරණය කලත් වකාර් යුනුස් යැවූ මදක් ඉහලට නැඟී කෙටි පන්දුව ලෙග් දෙසට පහර දීමට උත්සහ කල අර්ජුන නොසිතු අන්දමින් ආබාධයකට ලක්වෙන්නේ ඔහුගේ වමතේ ඇඟිල්ලක් හානියට පත්වෙමින්. ඒ වනවිට ශ්‍රී ලංකා පිල ලකුණු 146/5 ක් ලබා සිටි අතර ඔහුගේ ඉවත්ව යාම දැඩිව බලපාන්නට පටන්ගත්තේ ඉන් ඕවර දෙකකට පසු (ඕවර 59 දී) චමින්ද වාස් දුවද්දී දැවී යාමෙන් සහ 69 වන ඕවරයේදී නුවන් සොයිසා ගේ කඩුල්ල දැවී යාමෙන් පසුවයි. සොයිසා ගේ කඩුල්ල දවාගත් අබ්දුල් රසාක් ඊළඟ පන්දුවේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ කඩුල්ල ද දවගන්නා අතර එම දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 177/8ක් ලෙසින්.

තවත් ලකුණු 43ක් අවශ්‍යව තිබු මොහොතක ඊළඟට පැමිණීමට නියමිතව සිටියේ මුත්තයියා මුරලිදරන් වුවත් පකිස්තානුවන් ගේ එම බලාපොරොත්තුව කඩකරමින් ආබාධයට ලක්වූ අර්ජුන නැවතත් ඔහුගේ ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පැමිණියේ ය. එතැන් සිට ඉවසිලිමත් ඉනිමක් ප්‍රදර්ශනය කල කළු ට අගනා සහයක් ලබාදුන් අර්ජුන එක් අතක් පමණක් භාවිතාකර පන්දුවට පහරදීම ඉතාමත් විස්මය දනවන දසුනක් වුනා.

Pakistan looked as if they could pull off a sensational win. But Ranatunga, batting with a broken thumb, joined Kaluwitharana in a fighting stand of 43 that saw their team to victory with 9.1 overs remaining. - විස්ඩන්

කළු 83 වන ඕවරයේ පස්වන පන්දුවේදී 4 පහරක් එල්ලකරමින් ජයග්‍රාහි ලකුණ රැස්කරන අතර එක්දින තරගයකට නොදෙවෙනි උණුසුම් ටෙස්ට් තරගයක් නිමාවුනේ ශ්‍රී ලංකා පිලට කඩුලු 2ක් ජයක් ලබාදෙමින්. අර්ජුන ගේ සටන්කාමි ඉනිම පිළිබඳව එවකට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස කටයුතු කල සනත් ජයසුරිය පැවසුවේ මෙවැන්නක්,
https://m.ak.fbcdn.net/photos-b.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10487537_1532854090303229_4561805307372337134_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=f05dc596329eefa98ddfdcfe18a33c2e&oe=552626C9&__gda__=1430005411_21e9202a172ea7dcb6c503b86d4a82a5
"As long as Ranatunga was there, we were convinced we could win,He played a gem of an innings, like an injured tiger."

WG ග්‍රේස් - එංගලන්තයෙන් බිහිවූ හොදම තුන් ඉරියවු ක්‍රීඩකයා


https://m.ak.fbcdn.net/photos-b.ak/hphotos-ak-xap1/v/t1.0-0/10888486_1533720670216571_414921648223364379_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a055041edd41da7924f16e424e8d132e&oe=5534ED36&__gda__=1430089962_e6b92b5c4e57a2a9460f8f1d3c7fe9d8WG ග්‍රේස් කියන්නේ එංගලන්තයෙන් බිහිවූ සමහරවිට මුළු ක්‍රිකට් ඉතිහාසයේම බිහිවූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා කිව්වොත් වැරද්දක් නෑ. ක්‍රිකට් වලට අමතරව ග්‍රේස් ප්‍රසිද්ධ වී සිටියේ වෛද්‍යවරයෙක් වශයෙන්. ග්‍රේස් කොතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් ඔහුගේ මුරණ්ඩුකම ඔහුගෙන් ඉවත්ව ගියේ නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා හිටියත් ක්‍රීඩකයෙක් හෝ විනිසුරුවරයෙක් එක්ක පොඩි වලියක් දාගන්න එක එයාගේ පුරුද්දක් වුනා.

වරක් ග්‍රේස් පිතිකරණයේ යෙදෙද්දී කඩුල්ල මුවාකිරීමේ වරදට අහුවුනා, විනිසුරුවරයා ග්‍රේස් OUT කියලා කිව්වත් ග්‍රේස් ඒක පිළිගන්නට කැමැත්තක් දැක්වුවේ නෑ. ඔහු පන්දුයවන්නා ලඟට ගිහිල්ල කිව්වේ මෙහෙම,
'මේ තරගය බලන මිනිස්සු ඇවිල්ලා ඉන්නේ මගේ පිතිකරණය බලන්න මිසක් තමුසේ පන්දු යවන විදිහ නෙමෙයි'.

ඕක එක සිද්දියක් විතරයි, තව පාරක් ග්‍රේස් ව කඩුල්ල මුවා කිරීමේ වරදක් සහ පිටුපස ඉන්න කඩුලු රකින්නා විසින් රැකගත් උඩපන්දුවක් නොදවීයාම් විදිහට විනිසුරු දැනුම්දෙද්දී පන්දුයවන්නා වශයෙන් කටයුතු කල චාල්ස් කොර්ට්රයිට් ට හිතුනලු විනිසුරුවරයා ග්‍රේස් ට පක්ෂපාති බවක් දක්වනවා කියලා. https://m.ak.fbcdn.net/photos-d.ak/hphotos-ak-xap1/v/t1.0-0/9494_1533720733549898_7151613808835471022_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a6866aad1fcc6183565115c33c45c3e8&oe=55237B20&__gda__=1429383245_0cebbea6e2f13122e9be1b5fd6320401ඒකාලේ හිටපු වේගවත්ම පන්දුයවන්නා විදිහට නම්දරා හිටපු කොර්ට්රයිට් යවපු ඊළඟ පන්දුව කඩුල්ලේ වදින්නේ ස්ටම්ප් දෙකක්ම විසිවෙලා යන විදිහට. විනිසුරු විශේෂයෙන් දැවීයාමක් කියලා කියන්න අවශ්‍ය නැති නිසා ග්‍රේස් ක්‍රීඩාගාරය පැත්තට ගියේ පරාජය බාරගෙන. පන්දුයවන්නත් ග්‍රේස් ගේ මුරණ්ඩුකම බහින්නත් එක්ක කිව්වලු, 'දොස්තර මහත්තයෝ ඔබතුමා යන්න එපා, තව එක ස්ටම්ප් එකක් ඉතුරුවෙලා තියනවා'.

Sunday, January 4, 2015

ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

 http://st2.cricketcountry.com/wp-content/uploads/2015/01/Kumar-Sangakkara-of-Sri-Lanka-celebrates-his-century2.jpg

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවරදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 5 ක් ලබාගැනීමත් සමගම ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

අද පෙරවරුවේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකින් ලකුණු 2 ක් ලබාගත් 37 හැවිරිදි සංගක්කාර, ටෙස්ට් ලකුණු 12,000 පසුකළ පිතිකරුවන් අතරේ ඉහළම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවා පමණක් නොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලද වමත් පිතිකරුවාද වෙයි.

ටෙස්ට් ලකුණු 12,000 ඉක්මවා ලබා සිටින සෙසු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටිං (13,378), ජැක් කලිස් (13,289) සහ රාහුල් ද්‍රාවිඞ් (12,288) යන සියලූ දෙනාම දකුණත් පිතිකරුවෝ වෙති.

ටෙස්ට් ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් තරග 200 කදී ලකුණු 15,921 ක් ලබාගනිමින් ඉනිමකදී ලකුණු 53.78 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. එහෙත් ටෙස්ට් තරග 130 කදී ලකුණු 12,028 ක් ලබාගෙන සිටින සංගක්කාරගේ සාමාන්‍යය ලකුණු 58.38 කි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලකුණු 11,988 ක් ලබා සිටි සංගක්කාරට පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. එබැවින් මෙම තරගයේදී තමන්ගේ ඉලක්කය පසුකර යාමේ දැඩි උවමනාවක් සංගක්කාරට තිබිණ.

”එයා අසාර්ථක වෙනවා කියන්නේ පුහුණුකරුවා නපුරු හීනයක් දකිනවා වගේ දෙයක් තමයි. එහෙම වුණාම (සංගක්කාර අසාර්ථක වීමේදී) පැය ගාණක් තිස්සේ ඔහුට පන්දුව වීසි කරන්න පුහුණුකරුවාට සිදුවෙනවා”

”ඔහු තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ඒ තරම් විශාල කැපවීමකින් කටයුතු කරනවා. මේ තරගයේදී එම ඉලක්කය කරා යාමට ඔහු දැඩි උවමනාවකින් සිටිනවා” යයි ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර දිනයේ පවසා තිබිණ.

වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ගාල්ල කී‍්‍රඩාංගණයේදී
සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ සංගක්කාර මේ දක්වා ටෙස්ට් තරග 130 කදී ශතක 37 ක් සහ අර්ධ ශතක 51 ක් ලබා සිටී. එය කොදෙව් පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු සේ සැලකෙන බ‍්‍රයන් ලාරාගේ ලකුණු 11,953 ත්, ටෙස්ට් ශතක 34 සහ අර්ධ ශතක 48 අභිබවා යාමකි.

http://newsfirst.lk/english/wp-content/uploads/2015/01/sangakkara.jpg

ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සංගක්කාර දෙවැනි වන්නේද ලොව අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා සිටින අතර සංගක්කාරගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 10 කි. බ‍්‍රැඞ්මන් දකුණත් පිතිකරුවකු වන අතර සංගක්කාර මෙන්ම වමත් පිතිකරුවකු වන බ‍්‍රයන් ලාරාගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 9 කි.

ටෙස්ට් ලකුණු ලබාගැනීම අනුව පළමුවෙන්ම ලකුණු 10,000 කඩයිම පසුකර ගිය පිතිකරුවා (1987 දී) වූයේ ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර්ය. පසුව ඇලන් බෝඩර් ලකුණු 11,000 කඩයිම පසුකර ගිය පළමු පිතිකරුවා වෙ.

අතීතයෙන් බිදක්

https://scontent-b-fra.xx.fbcdn.net/hphotos-xpf1/t31.0-8/10544769_832597106803467_1763567927685426693_o.jpg?efg=eyJpIjoiYiJ9

දිනය-29 March 2011
ස්ථානය- ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය.
මෙම දිනය අපේ පිස්සොන්ටනම් හොදට මතක ඇති..
ඔව් ඔව් අපේ කොල්ලෝ 2011 ලෝක කුසලානේ සෙමි ෆයිනල් එක නවසීලන්තෙට එරෙහිව සෙල්ලම් කරපු දවස...

Stay Hungry. Stay Foolish ( ස්ටීව් ජොබ්ස් )

 https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10891510_1529385300679930_5035556718662840413_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=b4889b47f8d54e37c7553aa54bd5f596&oe=5522BA9F&__gda__=1430240501_34d36ae9feb42ed2d5efeb6bd7ec858b

ස්ටීව් ජොබ් ලෝකෙම අවධානය දිනාගත් ස්ටෑන්ඩ්ෆර්ඩ් දේශනය අවසන් කලේ ඉහත වචන වලින්. දැන් අපේ සමහර ක්‍රිකට් පිස්සෝ හිතයි ස්ටීව් ජොබ්ස් මේ කියලා තියෙන්නේ මෝඩයෙක් වගේ බඩගින්නේ ඉන්න කියලා. ඒත් ස්ටීව් ජොබ්ස් මේ වචන වලින් අදහස් කලේ නිතරම අනුවණයෙක් වගේ නිතරම දැනුම සොයා යන්න මහන්සි වෙන්න කියලා. ඒ කියන්නේ තමන් හැමදේම දන්නවා කියලා ඉන්නේ නැතුව තව තව දැනුම සොයා ගොස් තමන්ගේ හැකියාව දැනුම දක්ෂතාව වැඩි කරගන්න කියන එක තමයි කෙටියෙන් ඔහු කිව්වේ.

ජොබ්ස්ගේ මේ වචන ටික ඇහෙද්දී මගේ හිතට මුලින්ම මතක් වෙන්නේ අපේ සංගාව. ලෝකේ හොදම පිතිකරු, ලොව හොදම වමත් පිතිකරු, ශ්‍රී ලංකාව බිහි කර හොදම පිතිකරු වගේ ගෞරව නම්බු නාම කොතරම් සංගාට තියෙනවද... 2014 වසරේ තමන්ට මුණ ගැසුණු හැම පන්දු යවන්නෙක්ම දණ ගස්වපු සංගා අවුරුද්දේ අවසන් තරගයට ක්‍රීඩා කරන්න සැරසුනේ තවත් දැවැන්ත ඉනිමක් සංගාගේ පිත්තෙන් වාර්තා වේවි යැයි අපේ හදවත් වල බලාපොරොත්තු එකතු කරමින්. එහෙත් කිසිවෙක් නොසිතු ලෙස ඉනිම් දෙකේදීම සංගා අසාර්ථක වන්නේ සංගාට වෛර කරන ඉරිසියා කරන හැම කෙනෙක්ම නිතරම කියන "සංගක්කාරට ග්‍රීන් පිච් වල ගහන්න බෑ" කියන කතාව ඇත්තක්ද කියලා සමහර ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් වල ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින්. දෙවෙනි ඉනිමේ අසාර්ථක වී ක්‍රීඩාගාරය වෙත පැමිණි ඔහුට තෝරාගැනීම් දෙකක් තිබිණි. අනේ මට මේ පිච් වල ගහන්න බෑ කියලා දුකින් කල් ගත කිරීම හෝ තමන් කරපු වැරදි අඩුපාඩු සාදාගෙන තව තව පුහුණුවීම් වල නිරත වීම එම තේරීම් දෙකයි. සංගා දෙවෙනි තේරීම තෝරාගන්නේ ශ්‍රී ලාංකීය ලේ වල පසුපසට යාම ගෑවිලාවත් නෑ කියා ලොවටම ඔප්පු කරමින්. අනෙක් දැවී ගිය පිතිකරුවන් බලන් ඉදිද්දී සංගා තරගය අතර තුර පුහුණුවීම් කිරීමට යොදාගත්තේ දෙවෙනි ටෙස්ට් තරගයේ වෙනසක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන්
.

දෙවෙනි ටෙස්ට් තරගයේ කරුණාරත්නගේ දැවී යාමෙන් පිටියට සංගා පැමිණෙන විට ඔහුට චෝදනා කරපු සැවොම බලා සිටියේ ඉක්මනින් සංගා ක්‍රීඩාගාරය වෙත යද්දී නැවතත් සතුටු වෙන්න. ඔහුට චෝදනා කරපු සැමට තමන්ගේ පිත්තෙන් පිළිතුරු දුන් සංගා ලෝකේ හොදම වේග පන්දුයවන්නෝ දෙන්නෙක් වන බෝල්ට් හා සවුතිට එරෙහිව එදා මෙදා තුර ක්‍රිකට් පිටියේ වාර්තා වූ විසිෂ්ටතම දිත්ව ශතකයක් වාර්තා කලේ ලක් මාතාවට මෙවැනි පුතෙකි ලැබීම කොතරම් වාසනාවක්ද යැයි සැමට ඔප්පු කරමින්. අද ඔහුට චෝදනා කර අයම ඔහුගේ ඉනිම අගය කරනවා... විදෙස් පුරවැසියන් ඔහුගේ ඉනිම ඔවුන් ජිවිතේ දැකපු හොදම ඉනිමක් කියා සතුටින් කියද්දී අපේ හදවත් ආඩම්බරෙන් පිරී යන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් සමගිනි. තමන් තරම් හොද පිතිකරුවෙක් නෑ කියා නොසිතමින්ද තමන්ට මෙය කරන්නට බෑ යැයි පසුතැවිලි නොවෙමින්ද තමන්ගේ අසාර්ථක වූ ඉනිම් දෙකෙන් සාර්ථක වීමට මග විවර කර ඔහු සැබවින්ම වීරයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කොතරම් වීරයන් අනාගතයේදී පැමිණියත් කුමාර් සංගක්කාර කියන නම ඇසුණු පමණින් අපේ හදවත් වලට දැනෙන ආඩම්බරය සැමදා අපේ හදවත්වලම තැන්පත් වී තියේවි...

තවත් එක දිත්ව ශතකයකින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාව සම වෙයි

 https://m.ak.fbcdn.net/photos-g.ak/hphotos-ak-xaf1/v/t1.0-0/10559663_1420484701575453_1103217754232138058_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=48a6ac09bbb43ee16256ded175b10d2a&oe=553AB5E7&__gda__=1429687888_ec56df08fa4cfcf011e01fdf8cdc0921

ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ශූරීන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාව බිඳ දැමීමට තමන්ට අවස්ථාව ලැබේ යයි වන හැගීම තමන්ගේ ටෙස්ට් තරග දිවිය වඩාත් දීර්ඝ කිරීමට හේතුවක් විය හැකි බව කුමාර් සංගක්කාර පවසයි.

නවසීලන්තයට එරෙහිව අද (4 වැනිදා) ලබාගත් ද්විත්ව ශතකයත් සමගින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ලෝක වාර්තාවට ආසන්න වූ කුමාර් සංගක්කාර, වෙලින්ටන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වීමෙන් පසුව පුවත් පත් සාකච්ඡුාවකට එක්වෙමින් මෙසේ පැවසීය.

තිස්හත් වැනි වියේ සිටින සංගක්කාර අද ලබාගත්තේ සිය 11 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි. වෙලින්ටන් ටෙස්ට් තරගයට පොරතුව ඔහු ඉගි කර සිටියේ මෙම තරගය තමන්ගේ ටෙස්ට් දිවියේ අවසන් තරගය විය හැකි බවත් ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් සියලූම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් සමුගැනීමට ඉඩ ඇති බවයි.

එහෙත් වෙලින්ටන් තරගයේ පළමු දිනය අවසානයේ තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළා දැමූ ඉනිමකින් පසුව සංගක්කාර කීවේ බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව බිඳ හෙළීමේ අවස්ථාව ලැබේ යයි වන හැගීම නිසා තමන්ගේ ටෙස්ට් දිවිය දීර්ඝ විය හැකි බවයි.

”මා ඒ සඳහා ඉතා ආශාවෙන් බලා ඉන්නවා”

”මේ හැම දේම රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ සිදුවන දේ අනුවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මොනවා වේවිද, ඒ වෙනකොට මගේ කි‍්‍රකට් අනාගතය සම්බන්ධනේ මගේ සිතිවිලි කොයි ආකාරයෙන් තියේවිද කියලා අනාවැකි කියන්න අමාරුයි”

”මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡ කරලා තියෙන්නේ. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙත් තවත් මාස කිහිපයක් ටෙස්ට් තරග වලට සහභාගි වෙනවාද නැද්ද කියලා ඔවුන් සමග නැවතත් සාකච්ඡුා කරන බවටත් මා ඔවුන්ට පොරොන්දු වුණා” යයි සංගක්කාර අද සවස වෙලින්ටන්හිදී පැවසීය.

2014 වසරේදී ලොව වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ සංගක්කාර එම වසර තුළදී ලකුණු 1493 ක් ලබාගත් අතර ඊයේ (3 වැනිදා) ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගියේය.

කුමාර් සංගක්කාර මෙතෙක් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක 11 න් පහක්ම විදේශයන්හිදී ලබාගත් ඒවා වෙයි. එයද ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, ශී‍්‍රමත් ලෙනාඞ් හට්න් සහ බ‍්‍රයන් ලාරා සමග සංගක්කාර සමසේ උසුළන වාර්තාවකි.

ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතරේත් සිවුවැනි කී‍්‍රඩකයා බවට පත්ව සිටින සංගක්කාරගේ ටෙස්ට් ශතක සංඛ්‍යාව 38 කි. ශතක ලබාගැනීම අනුව සචින් තෙන්ඩුල්කාර් (51), ජැක් කලිස් (45) සහ රිකී පොන්ටිං (41) තිදෙනා සංගක්කාරට ඉදිරියෙන් සිටිති.

ටෙස්ට් පිතිකරුවන් අතරේ හොඳම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවන් අතරේද සංගක්කාර (58.92) දෙවැනි වන්නේ ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ලකුණු 99.96 ට පමණි.

”ආශාව (රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සඳහා) හැමදාමත් තිබුණා”
”මෙතන තියෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට කැමැත්තක් නැතිකම නෙමේ. ඒත් මේ දෙවල් ගැන තීරණයක් ගන්න ඕන දවසක් එනවා. ඒ ගැන ඉවෙන් වගේ දැනෙනවා” යයිද සංගක්කාර පැවසීය.